Children Organization Lanka

Children Organization Lanka
Children Organization Lanka

Friday 4 June 2010

අසරණයො.

අසරණකමේ අන්තෙටම වැටුණු කෙනෙක් මට ලියුමක් එවලා තිබුණා. හෙට අනිද්දට ගිහින් රුපියල් 300/= ක් වත් දීලා එන්න ඕනේ. මේ වගේ අයට රුපියල් 300/= ක් දීලා මොනවා කරන්න ද? ලද හැටියට පුද කිව්වලු. තියෙන විදියට හරි කරන එක වටිනවනේ.









































Sunday 23 May 2010

ලන්ච් එක රුපියල් 20/= යි.

ඉස්සර ළමා සංවිධානය පටන් ගන්න කලින් මම උදේට ටවුන් එකට ආව දවස් වලට දවල්ට කන්නෙ හෝටලෙන්. ප්‍රයිඩ් රයිස් හරි බිරියානි හරි රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒත් ළමා සංවිධානය පටන් ගත්තට පස්සේ ළමයින්ට වියදම් කරන හින්දා මගේ වියදම් කපා හරින්න සිද්ද වුනා. ඊයේ දවල්ට වඩේ එකක් කාලා ප්ලෙන්ටියක් බිව්වා. වියදම රුපියල් 20/= යි. කවුරු හරි දානපතියෙක් උදව් කරනකන් පටන්ගත්ත වැඩේ අමාරුවෙන් හරි ඇදගෙන යන්න එපායැ.

Wednesday 19 May 2010

නංගිලාට, මල්ලිලාට වෙසක් කාඩ්.













මම මේ වෙසක් එකට නංගිලාට, මල්ලිලාට වෙසක් කාඩ් බෙදුවා. පාසලේ තාප්පෙට හේත්තු වෙලා ස්කූල් වෑන් එක එනකන් "මූණ නාලු" කරගෙන ඉන්න නංගිලාට, මල්ලිලාට වෙසක් කාඩ් එක දෙනකොට පුංචි හිනාවක් ගියා.

Sunday 16 May 2010

අලුත් ළමා ගිණුමක්.

මට කොමර්ෂල් බැංකු ගිණුමක් නැද්ද කියලා අහලා ඊ-මේල් එකක් ඇවිත් තිබුණා.
ලෝකය පුරා ඉන්න, අපේ ළමා සංවිධානයේ වෙබ් සයිට් එක බලන සාමාජිකයන් හැමෝටම දැනගන්න ඒ ගිණුම් අංකයත් දාන්නම්.

නම : J.T.M. ක්‍රිෂාන්ත පෙරේරා
ගිණුම් අංකය : 8173019301
බැංකුව : කොමර්ෂල් බැංකුව, කුරුණෑගල, ශ්‍රී ලංකා.

Friday 14 May 2010

නොමිලේ කතන්දර පොතක්...











මම කිව්ව කතන්දර පොත පහත තියන සබැඳියෙන් බාගත කරගන්න.

Download

Wednesday 12 May 2010

පුංචි නංගිලාට මල්ලිලාට තෑග්ගක්.

මම ළඟදි කතන්දර පොතක් ලිව්වා. ඒ කතන්දර පොත අච්චු ගහන්න රුපියල් දාසය දහස් පන්සීයක් (රු.16,500/= ක්) ගියා. කුරුණෑගල නගරයේ පාසල් යන පුංචි නංගිලාට, මල්ලිලාට මම ඒ පොත් ඔක්කොම නොමිලේ බෙදුවා. ලෝකය පුරාම ඉන්න පුංචි නංගිලාට, මල්ලිලාට දැන් මම ඒ පොත අන්තර්ජාලය හරහා එවනවා. A4 ප්‍රමාණයේ කාඩ්බෝඩ් දෙකකට මේක ප්‍රින්ට් අවුට් අරගෙන පොත හදාගන්න. හෙට වෙනකොට අන්තර්ජාලයේ මේ වෙබ් අඩවියට මම ඒක ඇතුල් කරනවා.

Thursday 6 May 2010

දිළිඳු දරුවන්ට මාසික දීමනාවක්.

මම ඉස්සෙල්ලාම දුප්පත් ළමයින්ට රුපියල් දහයේ කොළ තුනක් දිනකට ‍බෙදුවා. ඊට පස්සේ චොකලට් බෙදුවා. දැන් තවත් පියවරක් ඉදිරියට තියලා වැඩක් පටන් ගත්තා. දිළිඳු දරුවන්ට මාසික දීමනාවක් දෙන්නයි හදන්නේ. ඉස්සරවෙලාම මාසෙකට රුපියල් පනහක් දෙනවා. පස්සේ රුපියල් තුන්සීය දක්වා වැඩි කරන්නයි හිතාගෙන ඉන්නේ.

මට 300-ඕපල් කාර් එකක් තියනවා. ටවුන් එකේ කඩ කාමර දෙකක් තියනවා. දැන් ම‍ගේ මාසික ආදායම ටික ටික ‍වැඩි වෙනවා. වැඩිපුර දන් දෙන හිංදා වෙන්න ඇති.