Sunday, 23 May 2010
ලන්ච් එක රුපියල් 20/= යි.
ඉස්සර ළමා සංවිධානය පටන් ගන්න කලින් මම උදේට ටවුන් එකට ආව දවස් වලට දවල්ට කන්නෙ හෝටලෙන්. ප්‍රයිඩ් රයිස් හරි බිරියානි හරි රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒත් ළමා සංවිධානය පටන් ගත්තට පස්සේ ළමයින්ට වියදම් කරන හින්දා මගේ වියදම් කපා හරින්න සිද්ද වුනා. ඊයේ දවල්ට වඩේ එකක් කාලා ප්ලෙන්ටියක් බිව්වා. වියදම රුපියල් 20/= යි. කවුරු හරි දානපතියෙක් උදව් කරනකන් පටන්ගත්ත වැඩේ අමාරුවෙන් හරි ඇදගෙන යන්න එපායැ.
Wednesday, 19 May 2010
නංගිලාට, මල්ලිලාට වෙසක් කාඩ්.
Sunday, 16 May 2010
අලුත් ළමා ගිණුමක්.
මට කොමර්ෂල් බැංකු ගිණුමක් නැද්ද කියලා අහලා ඊ-මේල් එකක් ඇවිත් තිබුණා.
ලෝකය පුරා ඉන්න, අපේ ළමා සංවිධානයේ වෙබ් සයිට් එක බලන සාමාජිකයන් හැමෝටම දැනගන්න ඒ ගිණුම් අංකයත් දාන්නම්.
නම : J.T.M. ක්‍රිෂාන්ත පෙරේරා
ගිණුම් අංකය : 8173019301
බැංකුව : කොමර්ෂල් බැංකුව, කුරුණෑගල, ශ්‍රී ලංකා.
ලෝකය පුරා ඉන්න, අපේ ළමා සංවිධානයේ වෙබ් සයිට් එක බලන සාමාජිකයන් හැමෝටම දැනගන්න ඒ ගිණුම් අංකයත් දාන්නම්.
නම : J.T.M. ක්‍රිෂාන්ත පෙරේරා
ගිණුම් අංකය : 8173019301
බැංකුව : කොමර්ෂල් බැංකුව, කුරුණෑගල, ශ්‍රී ලංකා.
Friday, 14 May 2010
Wednesday, 12 May 2010
පුංචි නංගිලාට මල්ලිලාට තෑග්ගක්.
මම ළඟදි කතන්දර පොතක් ලිව්වා. ඒ කතන්දර පොත අච්චු ගහන්න රුපියල් දාසය දහස් පන්සීයක් (රු.16,500/= ක්) ගියා. කුරුණෑගල නගරයේ පාසල් යන පුංචි නංගිලාට, මල්ලිලාට මම ඒ පොත් ඔක්කොම නොමිලේ බෙදුවා. ලෝකය පුරාම ඉන්න පුංචි නංගිලාට, මල්ලිලාට දැන් මම ඒ පොත අන්තර්ජාලය හරහා එවනවා. A4 ප්‍රමාණයේ කාඩ්බෝඩ් දෙකකට මේක ප්‍රින්ට් අවුට් අරගෙන පොත හදාගන්න. හෙට වෙනකොට අන්තර්ජාලයේ මේ වෙබ් අඩවියට මම ඒක ඇතුල් කරනවා.
Thursday, 6 May 2010
දිළිඳු දරුවන්ට මාසික දීමනාවක්.

මට 300-ඕපල් කාර් එකක් තියනවා. ටවුන් එකේ කඩ කාමර දෙකක් තියනවා. දැන් මගේ මාසික ආදායම ටික ටික වැඩි වෙනවා. වැඩිපුර දන් දෙන හිංදා වෙන්න ඇති.
පුංචි කලු නංගි
මම දවසක් පාර අයිනේ හිටගෙන හිටියා. පුංචි නංගියෙක් ඉස්කෝලෙ ඇරිලා එනවා. එයා හරිම කලුයි. එයාගෙ සුදු ගවුම දුඹුරු පාට වෙලා. කකුල් වල කොරළ හැදිලා. මම එයා බස් එකට නගිනකං ඉඳලා එයා ළඟින් ඉඳගත්තා. ටික දුරක් යනකොට මම එයාට රුපියල් පහක් දුන්නා. එයා මගේ දිහා බලන්නෙවත් නැතුව කාසිය මිට මොලවා ගත්තා. ඊට පස්සෙ මම රුපියල් විස්සෙ කොළයක් දුන්නා. එයා ඒකත් මිට මොලවා ගත්තා. බහින තැන ආවම එයා මගේ දිහා බලන්නෙවත් නැතුව බැහැලා දුවලා ගියා. අඩු තරමින් එයාලා ඒකෙන් පාන් බාගයක් හරි අරගෙන වේලක් පිරිමහ ගනී.
Subscribe to:
Posts (Atom)