මම ගිය සතියෙ කෙටි සංචාරයකට බදුල්ලෙ ගියා. ආපසු එද්දි "සෙකන්ඩ් ක්ලාස්" ටිකට් එකක් අරං කෝච්චියෙ ඉඳගත්තා.පැය බාගෙකට විතර පස්සෙ මම "තර්ඩ් ක්ලාස්" තියෙන පැත්තට ගියා. පුංචි දෙමළ නංගි කෙනෙක් අම්මත් එක්ක දොරක් ළඟ බිම ඉඳගෙන හිටියා. මම ඒ නංගිව අත් දෙකෙන් අල්ලලා නැගිට්ටවලා විස්තර ඇහුවා. අම්මයි දුවයි දෙන්නම සිංහල දන්නෙ නෑ.
"කීයෙ පංතියෙද ඉන්නේ" මම ඇහුවා.
එයා දෙමළෙන් මොනවදෝ කිව්වා. ඊට පස්සෙ මම "පාඩෂාලෛ ඔන්රු, රෙන්ඩු, මූණු" කියලා කියනකොටම එයා කිව්වා "මූණු" කියලා. ඒ කියන්නේ එයා ඉන්නේ තුනේ පංතියේ. එයාගෙ ගවුම හෝදලාම දියවෙලා. හෙයා බෑන්ඩ් එක හොඳටම ගෙවිලා. සෙරෙප්පු දෙක පොතු ගැලවිලා. මම එයාට රුපියල් පනහක් දුන්නා. ඊට පස්සෙ කඩල කාරයෙකුගෙන් කඩල පැකට් එකක් අරං දුන්නා. එයාලා "ඔහිය" දුම්රිය ස්ථානයෙන් බැස්සා. මම එයාට ආයෙ කතා කරලා තව රුපියල් පනහක් දුන්නා. එයා අත වනලා යන්න ගියා.
මගේ අතේ ඉතුරු උනේ රුපියල් හැත්තෑවක් විතරයි.
Monday 12 April 2010
Subscribe to:
Post Comments (Atom)
සංවේදී කතාවක්. ඒ වගේම ඔයා කරලා තියෙන්නේ හරිම හොඳ වැඩක්. ඒ වගේම මේ වගේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න පුළුල් වැඩ පිලිවෙලක් කවුරුන් හෝ සකස් කරනවා නම් තමා හොඳ
ReplyDelete