Thursday 1 April 2010
මූණ මල වගේ
වෙලාව දවල් එකයි දහයයි. පුංචි නංගි කෙනෙක් පාසල ඇරිලා ටවුන් එකේ තනියම එනවා. එයා හරිම කළුයි. පරණ බෑග් එකක් එයාට තිබුණේ. මම පස්සෙන් ගියා. එයා බස් හෝල්ට් එකක නැවතුනා. මම දුවලා ගිහින් දහයේ චොකලට් එකක් අරගෙන ඇවිත් එයාට දුන්නා. එදා ඉඳලා මම ඒ වෙලාවට පාර අයිනේ ඉඳලා හැමදාම එයාට චොක්ලට් එකක් දුන්නා. තුන්වෙනි දවසේ ඉඳලා එයා යාළුවෙකුත් එක්ක ආවා. මම චොක්ලට් දෙකක් දෙන්නට දුන්නා. ඊළඟ දවසේ එයාලා ඈතින්ම දැක්කා මම ඉන්නවා. දෙන්නගෙ මූණ හිනාවෙන් පිරුණා. හරියට උදේ පිපුණු මල් දෙකක් වගේ.
Subscribe to:
Post Comments (Atom)
Is this a good example? Giving sweets to unknown kids?
ReplyDelete