පුංචි කාලෙ ඉඳලම ළමයින්ට දෙන්න පුරුදු කරන්න ඕනේ. අවවාද කරලා නෙමේ. ආදර්ශයෙන්ම පෙන්වන්න ඕනේ. පරාර්ථකාමීත්වය තුළින් සමාජය පෝෂණය වෙනවා. සමාජයේ ඉන්නේ පරාර්ථකාමී අය නම්, ඒ සමාජයේ ඉන්න ධනපතියො දුප්පතුන්ට ධනය දෙනවා. එවිට රටේ දිළිඳුකම, සාගතය, පීඩිත බව නැති වෙනවා.
තියන අය දෙනවා. නැති අය ගන්නවා. නැති අය, ඇති හැකි අය බවට පත් වෙනවා. ඊට පස්සෙ එයාලත් දෙන්න පටන් ගන්නවා. හරියට රක්ෂණ ක්‍රමයක් වගේ. තියෙන අය හැමෝම දෙනවා. නැති හැමෝටම ලැබෙනවා.
මම පුංචි කාලෙ නවයේ පංතියේ ඉන්නකොට තාත්තගෙ පැත්තෙ නෑදෑයො එක්ක විනෝද චාරිකාවක් ගියා. මම රුපියල් පන්සීයක් මාරු කරලා, දෙකේ කාසි මල්ලක් හදා ගත්තා. චාරිකාව යනකං පාරේ හිටපු පුංචි ළමයි ළඟට කාසි විසි කරමින් ගියා. ආපසු ගෙදර ආවම බාප්පා මේ සිදුවීම තාත්තාට කිව්වා. මගේ තාත්තා මට සැරෙන් මෙහෙම කිව්වා. "දුප්පතුන්ට සල්ලි විසිකරන්න.....? මොකද රජවරුද.....?" කියලා.
ගම්බද පාසලක ක්‍රීඩා උත්සවයක් බලන්න දවසක් මම ගියා. ළමයි අයිස්ක්‍රීම් කාරයාගෙන් අයිස්ක්‍රීම් අරන් කනවා. එක පුංචි නංගි කෙනෙක් අයිස්ක්‍රීම් කාරයා දිහා බලාගෙන හිටියා. කොයි වෙලේ හරි ඒ මාමා එයාට අයිස්ක්‍රීම් එකක් දෙයි කියන බලාපොරොත්තුවෙන් එයා හුඟක් වෙලා බලාගෙන හිටියා. මම අයිස්ක්‍රීම් එකක් අරන් ඒ පුංචි නංගිට දුන්නා. එයා අත් දෙකෙන්ම ඒක අරගෙන වැට අයිනට ගිහින් කෑවා.
දවසක් මම බස් එකේ යනකොට පුංචි නංගි කෙනෙක් මගේ ළඟින් ඉඳගත්තා. එයාගෙ බෑග් එක ඉරිලා තිබුණා. ගවුමත් හොඳටම දිරලා තිබුණා. මම එයාට රුපියල් 20ක් දුන්නා. එයා උදුරලා වාගේ ඒක අරගත්තා. බහින තැන ළං වුනාම මගේ දිහා බලන්නෙවත් නැතුව බැහැලා දුවගෙන ගියා.
අම්බලංගොඩ, කරන්දෙණිය හරියේ පාර අයිනේ මම දවසක් හිටගෙන හිටියා. වයස දහසයක විතර නංගි කෙනෙක් නාන්න ළිඳ ළඟට ගියා මම දැක්කා. "අම්මේ, සබන් නැද්ද?" "සබන් නම් ඉවරයි" "අයියෝ නාන්නෙ කොහොමද?" ඒ නංගි සබන් නොගා නෑවා. ඒ තරම් දුප්පත් අය ඕනෑ තරම් මේ රටේ ඉන්නවා.
Sunday 7 March 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment