මම දවසක් කාගිල්ස් ෆුඞ් සිටියෙන් මිදි ග‍්‍රෑම් සීයක් අරගෙන පාර අයිනට වෙලා කකා හිටියා. එක දුප්පත් පුංචි මල්ලි කෙනෙක් මම මිදි කනවා දැක්කා. එයා මගේ අතේ තිබුණ මිදි ගෙඩිය දිහා බලලා ඒ මිදි ගෙඩියට හිනා වෙලා බිම බලාගෙන ගියේ හරියට ''ලෝකෙ හැටි ඔහොම තමයි” කියන්නා වාගේ.
ලේ දීලා බඩගින්නේ
දවසක් මම පාර අයිනේ හිටගෙන හිටියා. අම්මෙකුයි, පුංචි පුතෙකුයි මගේ ළඟට ආවා. ඒ දෙන්නම හරියට කෙට්ටු වෙලා. හුඟක් දුක් විඳපු බවක් පෙනුනා. අම්මා මට මෙහෙම කිව්වා. ''පුතේ, දැන් මට ඉස්පිරිතාලෙන් ලේ දුන්නා. දොස්තර මහත්තයා කිව්වා හොඳට කන්න කියලා. හාල් සේරුවක්වත් ගන්න සල්ලි කීයක් හරි දෙනවද” කියලා. මම රුපියල් විස්සක් දුන්නා. හෝටලයකට එක්කගෙන ගිහින් කන්න දෙන්න හිතුනත්, මා ළඟ ඒ තරම් සල්ලි තිබුනේ නෑ.
Thursday, 18 March 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment