නංගියේ, මල්ලියේ ඔයාලා ඩෙවෝන් හෝටලේට ගිහින් රෝල්ස් එකක් කකා, අයිස් කෝපි එකක් බිබී ඉන්නකොට ඔයාලාගෙ නංගි හරි මල්ලි හරි ඒ හෝටලේ දොර ළඟට වෙලා ඔයාලා දිහා බලාගෙන හිටියොත් ඔයාලා මොකද කරන්නේ? දුවලා ගිහින් වඩාගෙන කවනවා, පොවනවා නේද. මම දවසක් පුෂ්පදාන බාලිකාව ළඟ තියන ඩෙවෝන් හෝටලයෙන් රෝල්ස් එකක් කකා අයිස් කෝපි එකක් බිබී ඉන්නකොට පාසල් ගිය පුංචි මල්ලි කෙනෙක් ආච්චිත් එක්ක එතනින් ගියා. එයා මම කනවා දිහා බලාගෙන ගිය විදිය දැක්කාම දුවලා ගිහින් වඩාගෙන කවන්න පොවන්න හිතුනා. එයා මගේම මල්ලි කෙනෙක් වගේ ඒ වෙලාවෙ මට දැනුනේ.
එයාගෙ ආච්චි නොහිටියා නම්, මම බීම එකක් හරි අරන් දෙනවා. මම දවස් ගානක් ඒ හෝටලේ ළඟ හිටියා. පාසල් ඇරිලා එන දුප්පත් පුංචි නංගිලා, මල්ලිලා ඒ හෝටලේ පැත්ත වත් නොබලා බිම බලාගෙන යනවා. "බැලුවට වැඩක් නෑ. අපිට ඒවා ලැබෙන්නෙ නෑ" කියන්නා වගේ.
Tuesday 16 March 2010
Subscribe to:
Post Comments (Atom)
මේ අත්දැකීම සමනලීට සෑහෙන පුරුදුයි... සමනලීට කිහිප වතාවක්ම හිතිලා තියෙනවා ඒ අයට පුංචිම දෙයක් හරි අරන් දෙන්න... ඒත් එයාලගේ වැඩිහිටියන් ඒකට සතුටු නෑ ගොඩක් වෙලාවට.සමනලී ඔය වාගේ ප්‍රසිද්ධ අවන්හලක් ලග කපුරු බෝල විකුණලා ජීවත් වෙන අහිංසක තාත්තා කෙනෙක් සහ දුවෙක්ට උදව් කලා... පොත් පත් පෑන් පැන්සල් එක්කම පාසල් නිල ඇදුම මහන්න ඕනා කළමණාත් අරන් දුන්නා... එදා ඒ නංගිගේ අහිංසක මුණේ තිබුන ප්‍රීතිමත් බැල්ම සමනලීට කවදාවත් අමතක වෙන්නේ නෑ.......
ReplyDeleteමටත් ඔය වගේ අත්දැකීම් බහුලව තියනවා, අම්මා මාව හුරතල් කරද්දී අපේ කඩේ වැඩ කරන ලමයෙක් බොහම දුකින් බලන් හිටියා, මන් ටග් ගාලා අම්මා ගාවින් අයින් වුනා ඒ අසරන කම මට නම් දරා ගන්න බැරි වෙයි
ReplyDeleteමගේ මුලු ජීවිතේම වෙච්ච මගේ මල්ලියව සිහි කරල මමත් දැන් අවුරුදු 6 ඉදල ඔය දේම කරනව. ඒ වෙලාවට ඒ පුංචි එකාගේ සතුටින් පිරිච්ච මූණ දැක්කම හිතට දැනෙන සන්තෝෂය කියල නිම කරන්න බෑ.
ReplyDelete