Children Organization Lanka

Children Organization Lanka
Children Organization Lanka

Tuesday 23 March 2010

හයි ස්කූල් නංගි

මම දවසක් පේරාදෙණිය බස් එකේ යනකොට කැන්ඩි ගර්ල්ස් හයි ස්කූල් එකේ පුංචි නංගි කෙනෙක් අම්මත් එක්ක බස් එකට නැග්ගා. නීල් ආම්ස්ට්‍රෝන් වගේ බෑග් එකක් පිටේ එල්ලාගෙන තිබුණා. මම බෑග් එක අතට අරගෙන එයාව මගේ ළඟින් ඉන්දවාගත්තා. එයා මාත් එක්ක කතාවට වැටුනා.

  • ඔයා කීයෙද ඉන්නේ?
  • හයේ පංතියේ
  • අපෝ... හයේ පංතියේ උනාට ඔයා පොඩි වැඞීනේ.....?
  • මම කන්නෙ නෑනේ.... ඒකයි උස යන්නෙ නැත්තේ.
  • කන්නෙ නැතුව ඉඳලා හරියන්නෙ නෑ. හොඳට කාලා ලොකු වෙන්න.
  • මම කොහොමත් කන්නෙ ටිකයි. අද මම ඉස්කෝලෙදි කවියක් කිව්වා. තාත්තා තමයි මට ඒක කියලා දුන්නේ.
  • ඔයාගෙ නම මොකක්ද?
  • චලනි මනෝකා
  • කීයෙද ඉන්නේ?
  • 6 ඞී
ඊට පස්සෙ එයාලා බැහැලා ගිය ගමන්ම මම එයාගෙ නම, පංතිය සෙල්ෆෝන් එකේ ටයිප් කර ගත්තා. මම පුංචි කතන්දර පොතක් එයාට තැපැල් කළා. පොතට ගියේ රුපියල් තිහයි. තැපැල් ගාස්තුවට රුපියල් තිස්පහක මුද්දර ගහන්න උනා.

3 comments:

  1. අරැතක් නැ Word verification අයින් කරනවද

    ReplyDelete
  2. පොතට ගියේ රුපියල් තිහයි. තැපැල් ගාස්තුවට රුපියල් තිස්පහක මුද්දර ගහන්න උනා..

    mekanam FUn ahaa...

    ReplyDelete
  3. බිඟුවා...!

    samanayen oya wage weda samanayaine bang

    ReplyDelete