Children Organization Lanka

Children Organization Lanka
Children Organization Lanka

Wednesday 10 March 2010

පාසල් ළමයින්ගේ සංවිධානය

නංගියේ, මල්ලියේ, පාසල් යන ළමයි එකතු වුනොත් අපිට මේ ‍ලෝකය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. මගේ සංවිධානය නිල වශයෙන් ආරම්භ කළේ 2010-02-24 වෙනිදා රුපියල් තිහකින්. මම රුපියල් දහයේ කොළ තුනක් පාසල් ඇරිලා එන පුංචි නංගිලා තුන්දෙනෙකුට දුන්නා. ඒ අය උනන්දුවෙන් ඒ සල්ලි ගත්තා. එදා ඉඳලා දිනපතාම රුපියල් දහයේ රිට්ස්බරි චොකලට් පහක් මම පාසල් ළමයින්ට පරිත්‍යාග කරනවා. අපේ රටේ පෝසත් නංගිලා, මල්ලිලා මාත් එක්ක එකතු උනොත් අපිට ගොඩක් වැඩ කරන්න පුළුවන්. මේ රටේ ගොඩක් දුප්පත් නංගිලා, මල්ලිලා විශාල පිරිසකගේ කඳුළු පිසින්න අපිට පුළුවන් වෙයි. ඔයාලා නිරපරාදේ වියදම් කරන මුදල් එකතු කරන්න. ඊට පස්සේ අපිත් එක්ක එකතු වෙලා ළමයින්ට සේවය කරන්න. රුපියල් තිහකින් ආරම්භ උන මේ පුංචි සංවිධානය ඉදිරියේ දී මුළු ලෝකයටම සේවය කරන මහා සංවිධානයක් බවට පත් කරන්න අධිෂ්ඨාන කර ගන්න.

1 comment:

  1. ඔයා කරන වැඩේ නම් හොඳයි. නමුත් මට හිතෙන දෙයක් මේ කියන්නේ. පොඩි ළමයින්ට චොකලට් දෙන එක තේරුමක් නැති දෙයක් කියලයි මගේ අදහස. දුප්පත් අයට පෑනක් පැන්සලක් පොතක් වගේ දෙයක් දුන්නොත් ඒක ඒ අය කාලයක් පාවිච්චි කරනවා. හැබැයි චොකලට් එකක් කෑවට ඒක එයාලට ඒ වෙලාවෙම ඉවරයි. ඒක තේරුමක් නැහැනේ.

    ReplyDelete